ශ්‍රී ලංකා ක්‍රිකට් බවලතුන් ගේ නායකත්වය රෝසා ගේ පාසලෙන් ආ ඩිලානි ට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ශෂිකලා සිරිවර්ධන ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුවට උප නායිකා ඩිලානි මනෝදරා පත් කරන්නට යෙදුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සනාථ කරයි.බංගලාදේශයේදී පැවත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් බංගලාදේශ කණ්ඩායම සමග එලැඹෙන 11,13 සහ 14 යන තෙදින තුළ පැවත්වෙන එක්දින තරග සදහා නායකත්වයට පත් කර ඇති ඩිලානි ගේ උප නායිකාව ලෙස හිටපු ශ්‍රී ලංකා නායිකාවක වන සදමාලි අතපත්තු පත් කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නිය මෙන්ම ප්‍රහාරාත්මක පිතිකාරිනියක ද වන ඩිලානි මනෝදරා අම්පිටිය බෙවරට්ස් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩිකාවකි.ශ්‍රී ලංකාව එදා මෙදා තුර බිහිකළ සුපිරිතම දුර ධාවකයා ලෙස පිළි ගැනෙන එස්එල්බී රෝසා නිර්මාණය කළ බෙවරට්ස් විද්‍යාලයෙන් බිහි වූ ඩිලානි ලෙදර්බෝල් ක්‍රිකට් නොමැති එම විද්‍යාලයේ දී ක්‍රීඩා කර ඇත්තේ හොකී ය.
පසුව මහනුවර කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්.පසුව පිළිවෙලින් ස්ලිම්ලයින්,කුරුණෑගල යන කණ්ඩායම් සදහාත් සම්බන්ධ වන ඩිලානි,වර්ථමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරයි.
ඩිලානි ගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහත නම් සදහන් ක්‍රීඩිකාවන් අතරින් තෝරා ගැනීමට නියමිත ය.සදමාලි දොලවත්ත,යසෝධා මෙණ්ඩිස්,ඉනෝකා ගලගෙදර,චමරි අතපත්තු,සුවිනි ද අල්විස්,ශෂිකලා සිරිවර්ධන,ඒෂානි ලොකුසූරිය,චමනි සෙනවිරත්න,ප්‍රසාදිනි වීරක්කොඩි,ෂෙරිනා රවිකුමාර්,ශ්‍රී පාලී වීරක්කොඩි,ඕෂදි රණසිංහ සහ ඉනෝකා රණවීර
